FANDOM


ආයුබෝවන්!

ලොස්ට්පීඩියා වෙත සාදරයෙන් පිළිගනිමු!
"ලොස්ට්" විශ්වකෝෂය
අන්තර්ජාලයේ "ලොස්ට්" ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍ය මාලාව පිලිබඳ සියල්ල හමුවන තැන!
දැනට ලිපි 3ක් අඩංගුයි

විකියා ගිණුමක් තනන්න!

ලොස්ට්

ලොස්ට් යනු ඇමරිකානු අත්භූත විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම රුපවාහිනී මාලාවකි. එය ඇමරිකන් බ්‍රෝඩ්කාස්ටින් සමාගමේ (ABC) 2004 සිට 2010 දක්වා විකාශනයකෙරුණි.ඒ කොටස් 121ක් ලෙසටය.මෙයට පාදක වී ඇත්තේ ගුවන් අනතුරක් වට ගෙතුණු කතාවකි.ඒ ඕෂනික් එයාලයින්ස් සමාගමේ මගී ප්‍රවාහන ගුවන් යානයක් , සිඩ්නි සිට ලොස් ඇන්ජලීස් දක්වා ගමන් කරන විට අනතුරකට පත්වීමක් සම්බන්දයෙනි. එම යානය කඩා වැටෙන්නේ දකුණු පසිෆික් සාගරයේ අභිරහස් දුපතකටය. මෙම කතාව මෙහිදී දැඩි ලෙස කොටස් වශයෙන් පළකර ඇත.මෙහි කොටස් සාමාන්යෙන් දුපතේ ප්‍රථමික කතාව මත ගොඩනැගී ඇති අතර ඇතැම් කොටස් එක් එක් චරිතවල ජීවිතයේ ප්‍රධාන කොටස් මත ගොඩනැගී ඇත.

ලොස්ට් ජෙෆ්රි ලීබර්, ජේ. ජේ. ඒබ්‍රහම්ස් සහ ඩේමන් ලින්ඩ්ලොෆ් යන අයගේ නිර්මාණයක් වේ.ඊට අමතරව තවත් විශාල පිරිසක් මෙහි නිර්මාණයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.මේ අධික කාර්යමණ්ඩලය හේතුවෙන් ,මෙහි පළමු කොටස සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 14ක් පමණ වැය වී ඇත. මේ විශාල වියදම, මෙහි නිෂ්පාදකවරුන්ට රුගතකරන පරිසරය ගැන දෙවරක් සිතීම පොළඹව තිබේ.

ලොස්ට් හි අධික සාර්ථකත්වය නිසා මෙය ජනප්‍රියම ටෙලි නාට්‍ය 10 තුල රැදී සිටීමට හැකිව තිබේ. මෙහි පළමු වාරය අවසන් වන විට ප්‍රේක්ෂකයන් මිලියන 15.69 පමණ රැස්කරවා ගැනීමට දක්ෂව තිබේ. මෙහි 6වන වාරය අවසන් වන විට ඇමරිකානු ප්‍රේක්ෂකයන් පමණක් මිලියන 11කට ආසන්නව රුපවාහිනී තිරය ඉදිරියේ රඳවා තබා ගැනීමට සමත්ව තිබේ.එම නිසාම ලොස්ට් සම්මාන ගණනාවකට නිර්දේශ වී ඇත. එය කාලයක් IMDb හෙවත් අන්තර්ජාතික චිත්‍රපට දත්ත සමුදායෙහි රුපවාහිනී කථා මාලා අතර පළමු තැන ගැනීමටද සමත් විය.2013 වසරේදී ඇමරිකානු සංවිධානයක් විසින් , ලොව හොඳම මාලා නාට්‍ය 101ක් අතුරින් 27ත් වන ස්ථානය ලොස්ට් වෙත ලබදෙනලදී.


විශේෂාංග ලිපිය

Ad blocker interference detected!


Wikia is a free-to-use site that makes money from advertising. We have a modified experience for viewers using ad blockers

Wikia is not accessible if you’ve made further modifications. Remove the custom ad blocker rule(s) and the page will load as expected.

Also on FANDOM

Random Wiki